ශ්‍රී ලංකාව සමග ඒකාබද්ධ වෙමින් ඉන්දියාව සිදුකිරීමට නියමිත ආයෝජන පිළිබඳ සාකච්ඡා කිරීමට ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය.
පසුගිය වසරේ ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අස්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ඉන්දීය ආරක්ෂක ඇමතිවරයා දින දෙකක රාජ්‍යතාන්ත්‍රික සංචාරය අතරතුර නිරීක්ෂණය කරනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර යි.
පසුගිය වසරේ ‘යුවාන් වෑන්ග් 5’ චීන යුද්ධ නැව ලංකාවට පැමිණීම නිසා රාජ්‍යතාන්ත්‍රික අර්බුද ඇති වීමට මග පෑදුණු අතර නැවත පැමිණීමට නියමිත ‘ශි යෑන් 6’ නැව ශ්‍රී ලංකා මුහුදු සීමා පසු කිරීමට මෙරට විදේශ අමාත්‍යාංශය අවසර ලබා දීම සම්බන්ධයෙන් සහ පසුගිය වසරේ බැලැස්ටික් මිසයිල දැරීමට හැකි නැව් පැමිණීම හේතුවෙන් ඉන්දියාවට ආරක්ෂක තර්ජන එල්ල වූ බවත් නව දිල්ලිය සහ කොළඹ අතර රාජ්‍යතාන්ත්‍රික ගැටලු සඳහා හේතුවූයේ යැයිද ‘හින්දු’ පුවත්පත වාර්තා කර තිබේ.


