මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්‍දෝලි පෙරහර අද (අගෝ. 30) වීදි සංචාරය කරයි.
පස්වරු 7 පසුව විනාඩි 3ට උතුරු දිශාමුඛව ආරම්භ වන පෙරහර සිවු මහා දේවාල පෙරහර කැටුව වැව පාර, දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිත ය.
අවසන් රන්‍දෝලි පෙරහර සඳහා විචිත්‍රවත් කලා අංග රැසක් මෙන් ම අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් ද එක්කොට ඇති බව පෙරහර සංවිධායක කමිටුව පවසයි.
මේ වන විට පෙරහර නැරඹීම සඳහා ලක්ෂ සංඛ්‍යාත වූ දෙස් විදෙස් ජනතාවක් මහනුවර නගරයට පැමිණ සිටිති.
හෙට දින දහවල් පෙරහරින් පසු පෙරහර මංගල්‍යය අවසන් වීමට නියමිත ය.


