අද කොටුව දුම්රියපොලෙහි පැවැත්වෙන විරෝධතාවට එරෙහිව අධිකරණ නියෝගයක්!

අද (28) දහවල් පැවැත්වීමට නියමිත විරෝධතාවයකට අදාළව ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දුමින්ද නාගමුව, මුජිබර් රහුමාන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, චරිත⁣ හේරත්, වාසුදේව නානායක්කාර, ජෝසප් ස්ටාලින් ඇතුළු වගඋත්තරකරුවන් 24කට සහ ඔවුන් සමග විරෝධයට සහභාගි වෙන පුද්ගලයින්ට අදාළව අධිකරණය එම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුවට අද උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා ඇතුළුවීම වළක්වාලමින් එම නියෝගය නිකුත් කර තිබෙනවා.

ETF, EPF කොල්ලෙට සහ අසාධාරණ බදු පැනවීම්වලට විරුද්ධව කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී එම විරෝධතාවය පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *