ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වී ෂෙන්හොන්ග් අතර හමුවක් පවත්වා ඇත.
ඊයේ(24) මහ බැංකු පරිශ්‍රයේදී මෙම හමුව පැවැති බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි.
චීන – ශ්‍රී ලංකා මූල්‍ය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය සුහද මෙහිදී සාකච්ඡාවක් පැවැත්වූ බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.


