පාර්ලිමේන්තුවේ ප්‍රතිරූපයට හානි කරන මන්ත්‍රීවරුන් නෙරපා හැරීම සඳහා ස්ථාවර නියෝග සංශෝධනය කිරීමට ආණ්ඩු පක්ෂය සූදානම්…

විවිධ වැරදි සිදු කරන සහ පාර්ලිමේන්තුවේ ප්‍රතිරූපයට හානි කරන මන්ත්‍රීවරුන් නෙරපා හැරීම සඳහා ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා විපක්ෂය සමඟ සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂය සූදානම් බව සභානායක සුසිල් ප්‍රේමජයන්ත් අද ප්‍රකාශ කළේය.

සභානායකවරයා මේ බව ප්‍රකාශ කළේ, රත්‍රං සහ ස්මාට් ජංගම දුරකථන ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති සාකච්ඡාවකදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රහීම් මේ වසරේ මැයි මාසයේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ප්‍රභූ විවේකාගාරය හරහා රත්‍රං කිලෝග්‍රෑම් 3.3 ක් සහ ස්මාර්ට්ෆෝන් 74 ක් නීතිවිරෝධී ලෙස රැගෙන යෑමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගැනිණි.

රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය භාවිත කරමින් හොර රහසේ රත්‍රං සහ ස්මාට් ජංගම දුරකථන ප්‍රවාහනය කරමින් ව්‍යවස්ථාදායකයට අපහාස කළ රහීම් මන්ත්‍රීවරයා වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන ලෙස ප්‍රේමජයන්ත මෙහිදී යෝජනාවක් ඉදිරිපත් කළේය.

සභානයකවරයාට ප්‍රතිචාර දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ ව්‍යවස්ථාදායකයේ ප්‍රතිරූපයට කැළලක් වන වැරදි කරන ඕනෑම මන්ත‍්‍රීවරයකු එළවා දැමීමට ප්‍රතිපාදන සම්පාදනය කළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *