ගාල්ල බන්ධනාගාරයේ බැක්ටීරියාවක්!

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මිය ගොස් තවත් පිරිසක් හදිසියේ අසනීපවීමට හේතුව බැක්ටීරියාවක් බවට අනාවරණය වී තිබේ.

එය Meningococcal රෝගයට හේතුවන Meningococcus බැක්ටීරියාව බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම රෝගය නිසා දැනට රැඳවියන් 15 දෙනෙකු පමණ කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

මෙම රෝගීන් උණ සහ සමේ රෝගයකින් පෙළෙන බව වාර්තා වෙයි.

මේ අතර මියගිය රෝගීන් දෙදෙනා සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *