LPL අවසන් මහා තරඟය අද…

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ(LPL) ශූරයන් තීරණය කෙරෙන අවසන් මහා තරගය අද රාත්‍රීයේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල සහ වනිඳු හරංගගේ මහනුවර කණ්ඩායම් අවසන් තරගයේදි තරග කරයි.

මෙම කණ්ඩායම් දෙකම අවසන් තරගයට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

මහනුවර කණ්ඩායම ඊයේ පැවැති දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේ ජයලබමින් අවසන් තරගයට පිවිසියේ අබායක් හමුවේ නායක වනිඳු හසරංග දැක්වු තුන් ඉරියව් දස්කම් හේතුවෙනි.

ගාල්ල කණ්ඩායම සමග පැවැති එම තරගයේදි පළමුව පන්දුවට පහරදුන් මහනුවර පිළ පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 157ක් ලබාගත්තේය.

පන්දුවට පහරදෙමින් සිටින අතර තුර වනිඳු හසරංග පාදයේ අබායකට ලක්වුවද ඔහු එය පසෙකලා පන්දුවට පහරදුන්නේ නායකත්වයේ වගකීම නිසිලෙස ඉටුකරමිනි.

වනිඳු පන්දු 30කදී හතරේ පහර 04ක් සහ හයේ පහර 03ක් සමගින් ලකුණු 48ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට ගාල්ල කණ්ඩායම පිටියට පිවිසි අතර වනිඳු හසරංග පාදයේ අබාධය හේතුවෙන් ඔහුගේ සහභාගීත්වය ගැටලුකාරී තත්වයක පැවැතිණි.

ඒ අනුව මහනුවර කණ්ඩායමේ වැඩ බලන නායකයා ලෙස ඇන්ජ⁣ලෝ මැතිව්ස් කටයතු කළ අතර, තරගය අතරතුර අබාධය පාසෙකලා වනිඳු හසරංග පිටියට පැමිණ පන්දු යැවු අතර එහිදි ඔහු පන්දුවාර 04 තුලදි ලකුණු 21ක් ලබා දෙමින් කඩුලු 02ක් දවාගත්තේය.

මෙහිදී සුවිශේෂත්වය වූයේ කඩුලු ලබාගත් අවස්ථාවේ වනිඳු තනි කකුළින් ඇවිද ගොස් එහි සතුට සැමරීමයි.

ගාල්ල කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවිලබාගත හැකිවූයේ ලකුණු 123ක් පමණි.

ඒ අනුව වනිඳු ප්‍රමුඛ මහනුවර කණ්ඩායම අද රාත්‍රියේ පැවැත්වෙන අවසන් මහා තරගයේදි දඹුල්ල සමග තරග වදිනු ඇත.

තරගාවලියේ මේ වන විට වැඩිම කඩුලුලාභියා සහ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්වීමට වනිඳු හසරංග සමත්ව සිටී.

ඔහු ඉනිම 09කදී ලකුණු 279ක් සහ ඉනිම් 10කදී කඩුලු 19ක්  බිදහෙළා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *