ඇතුගල රක්ෂිතය ගිනි තැබූ පෙම් යුවල අත්අඩංගුවට…

කුරුණෑගල ඇතුගල කන්ද නැරඹීමට ගිය යුවළක් දැල්වූ ගිනිකූරකින් ඇතුගල රක්ෂිතයේ අක්කර තුනක පමණ ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

ඒ අනුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පෙම්වතුන් දෙදෙනා එළඹෙන 21ක් වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම යුවළ අද උදෑසන කුරුණෑගල පොලිස් වසමේ ඇතුගල කඳු මුදුනේ පිහිටි බුදුපිළිමය නැරඹීමට පැමිණ ඇති අතර ඔවුන්ගේ පළමු හමුවීමද එය බවයි සඳහන් වන්නේ.

තරුණයාගේ සාක්කුවෙන් ගිනිපෙට්ටියක් හමුවීමත් සමග තරුණිය ඒ පිළිබඳ ප්‍රශ්න කර ඇති බවත් පසුව තරුණිය ගිනිපෙට්ටියේ තිබූ ගිනිකූරු දෙක දල්වා රක්ෂිතයට විසිකිරීම හේතුවෙන් එහි ගින්නක් හටගෙන තිබු බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *