ජනාධිපති නීතීඥවරුන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවයි

2022/2023 වසර සඳහා ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමට අදාළව සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ අයදුම්පත් කැඳවමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අයදුම්පත් භාරගන්නා අවසන් දිනය අගෝස්තු 25 වනදා බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

වැඩි විස්තර සඳහා www.presidentsoffice.gov.lk වෙත පිවිසෙන්න ලෙසයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *