නියඟයෙන් විනාශ වූ කුඹුරු ගිනි තැබූ අයට වන්දි ලබා නොදීමට තීරණයක්!

නියඟය හේතුවෙන් හානි වූ ගොයමට ගිනිතැබූ පුද්ගලයින් හට වන්දි ලබානොදෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

පසුගිය දින කිහිපය තුළ නියඟයෙන් හානි වූ ගොයමට ඇතැම් පුද්ගලයින් ගිනි තබා විරෝධය දැක්වූ අතර ඒ හේතුවෙන් එම වගාවන්ට සිදුවූ හානිය සම්බන්ධයෙන් තක්සේරු කිරීමට හැකියාවක් නොමැති බැවින් ඔවුන්ට වන්දි ලබාදිය නොහැකි බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර දැනුවත් කර ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *