සිය බිරිඳගේ මිතුරිය අපයෝජනයට ලක් කළ සැමියකු අත්අඩංගුවට…

බිරිඳගේ අනුමැතිය සහිතව, සිය බිරිඳගේ මිතුරියක් අපයෝජනයට ලක්කළ සැමියකු වෙන්නප්පුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

වෙන්නපුව පොලිසියෙන් විසින් විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව සැමියාට මෙම තරුණිය අපයෝජනය කිරීමට ආධාර අනුබල දීමේ වරදට බිරිඳවද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අපයෝජනයට ලක්වූ බව කියන තරුණිය සහ මෙම අඹුසැමි යුවළ එක්ව මත්පැන් පානය කිරීමෙන් අනතුරුව මෙම අපයෝජනය සිදුව ඇති බවත් ඔවුන් අධික ලෙස මත්පැනට ඇබ්බැහි වී ඇති බවත් විමර්ශනවලදී හෙළිවී තිබේ.

අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *