අනුරාධපුර ශික්ෂණ රෝහලේදී දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාවේ තම දරුවා බිමට වැටී දින ගණනාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට අද දින ජීවිතක්ෂයට පත්වූ බව එම දරුවාගේ මව පවසයි.
අනුරාධපුර, රඹෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කල්ලංචිය ප්‍රදේශයේ අවුරුදු 35ක් පමණ වයසේ පසු වූ තක්ෂිලා උදයංගනී මව, සිය දෙවන දරුවා බිහි කිරීම සඳහා පසුගිය 10 වන දින කල්ලංචිය රෝහලට ඇතුළත් වී ඇති අතර එම රෝහලේ පවතින අඩුපාඩු හේතුවෙන් එම රෝහල මගින් දරු ප්‍රසූතිය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර කඩිනමින් දරු ප්‍රසූතිකාගාරයට ඇතුළත් කර තිබේ.
පසුව දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාවේදී ඊට සම්බන්ධ හෙදියක හෝ වෙනත් කිසිවකු නොසිටීම හේතුවෙන් දරුවා බිමට වැටුනු බවත් එම අවස්ථාවේදී අසලට පැමිණි හෙදියන් විසින් තම බිළිදාව කඩිනමින් දැඩිසත්කාර ඒකකයට කටයුතු කළ බව ද එම බිළිඳාගේ මව වන තක්ෂිලා උදයංගනි මහත්මිය පවසයි.
පසුගිය 10 වනදා දින සිට අද උදෑසන වන තෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට බිළිදා ජීවිතක්ෂයට පත්වූ බව ද එම මව පවසයි .
මෙහිදී අදහස් දක්වමින් එම බිලිදාගේ පියා පවසන්නේ කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත්කම හේතුවෙන් තමන්ට සිය බිළිදාව අහිමි වූ බවත් මෙවැනි තත්ත්වයන් ඉදිරියේදී සිදු නොවීමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවය.
මෙම මරණය සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරයාව සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සහ දැරුවද එය ව්ව්‍යර්ථ විය.


