LPL විනය නීති කැඩූ තරඟකරුවන් 04කට දඬුවම්…

මේ වන විට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර තරග විනය නීති උල්ලංඝනය කළ ක්‍රීඩකයන් හතරදෙනකුට දඩුවම් නියම කර තිබේ.

දඹුල්ල කණ්ඩායමේ හසන් අලීට තරග ගාස්තුවෙන් සියයට 15ක දඩයක් සහ එක් දඩුවම් ලකුණක් පනවා ඇත්තේ ලංකා ප්‍රිමියර් ලීග් විනය නිති උල්ලංඝනය කිරීම හේතුවෙනි.

දඹුල්ල නායක කුසල් මෙන්ඩිස්ට ද තරග ගාස්තුවෙන් සියයට10ක් සහ එක් දඩුවම් ලකුණක් නියම කර ඇති අතර, කොළඹ කණ්ඩායමේ චාමික කරුණාරත්නට සියයට 30ක දඩ මුදලක් සහ දඩුවම් ලකුණු 02ක් පනවා ඇති බව ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

කොළඹ කණ්ඩායමේ නසීම් ෂාටද තරග ගාස්තුවෙන් සියයට 20ක දඩයක් සහ එක් දඩුවම් ලකුණක් නියම කර තිබේ.

මෙම සියලු ක්‍රීඩකයින් වරද පිළිගෙන ඇති බව පැවැසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *