වෙඩිතබා ඝාතනයට ලක් වූ අඹුසැමි යුවලකගේ සිරුරු නුවරඑළියෙන් හමුවෙයි

නුවරඑළිය – ටොප්පාස් ප්‍රදේශයේ නිවසක් තුළදී තරුණ අඹුසැමි යුවළක් ඊයේ රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලිසිය පැවසුවේ මියගිය පිරිමි පුද්ගලයා 28 හැවිරිදි වියේ පසුවන අතර කාන්තාව 26 හැවිරිදි වියේ පසුවන ප්‍රදේශයේම පදිංචි අඹුසැමි යුවළකි.

පවුල් ආරවුලක් මත සැමියා විසින් සිය බිරිඳට මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩිතබා ඝාතනය කර ඇති අතර, පසුව එම පුද්ගලයාද වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව මේ වන විට සිදුකර ඇති විමර්ශන වලින් අනාවරණ වී ඇත.

එම ස්ථානයේ තිබී ගිනි අවිය සොයාගෙන ඇති අතර, මළ සිරුරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *