ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩාකාවන් තුන්දෙනකු සුදුසුකම් ලබයි

ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩාකාවන් තුන්දෙනකු සුදුසුකම් ලබා තිබේ.

එලෙස සුදුසුකම් ලබා ඇත්තේ මිටර 1500 ඉසව්වෙන් ගයන්තිකා අබේරත්න, හෙල්ල විසිකිරීමේ ඉසව්වේන් දිල්හානි ලේකම්ගේ සහ මිටර 400 ඉසව්වේන් අරුණ දර්ශන යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය.

විවිධ හේතු මත ශ්‍රේණිගත කිරීමේ සටහනේ ඉදිරියෙන් පසුවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලියෙන් ඉවත්වී හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම අවස්ථාව හිමිව තිබේ.

පිරිමි මීටර් 400 x 4 සහාය දිවීමේ ශ්‍රී ලංකා කණ්ඩායම ද මීට පෙර මෙවර ලෝක ශුරතා මළල ක්‍රීඩා තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *