2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විශයන්හී ප්‍රායෝගික පරීක්ෂණ ලබන 02 වැනිදා ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව දිවයින පුරා පිහිටි පරීක්ෂණ මණ්ඩල 1,355කදී අගෝස්තු 12 වනදා දක්වා ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන බවයි සඳහන් වන්නේ.
පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර පාසලේ විදුහල්පතිවරයාට සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර අයදුම්කරුගේ ලිපිනයට තැපැල් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.


