ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කර තිබෙනවා.
ඒ අනුව වසර තුනක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මෙම පත්වීමට පෙර මහාචාර්ය මානගේ පාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.


