ජාතික සංහිඳියාව වැඩසටහන පිළිබඳ සාකච්ඡා කෙරෙන සර්ව පාක්ෂික සමුළුව අද (26) පස්වරු 3.30 ට පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපති වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එම සර්ව පාක්ෂික සමුළුව පැවැත්වීමට නියමිතව ඇත්තේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.
ජාතික ජන බලවේගය හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු පක්ෂ එම සමුළුවට සහභාගී වන බව තහවුරු කර ඇත.
දෙමළ පක්ෂ විසින් ඉදිරිපත් කරන ගැටළු පිළිබඳ සෙසු පක්ෂවල අදහස් විමසීම එම සමුළුවේදී සිදු කෙරුණු ඇති බව වාර්තාවේ.
කෙසේවෙතත් ජනාධිපතිවරයා විසින් කැඳවා ඇති එම සර්ව පාක්ෂික සමුවට සහභාගී නොවන බව ජාතික ජනබලවේගයේ විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති පැවසිය.
ජනතාව වෙනුවෙන් සිය පක්ෂය එම සාකච්ඡාවට සහභාගී වන බව සජබ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඊයේ ප්‍රකාශ කළේය. කෙසේවෙතත් එම සාකච්ඡා රටට වැඩදායී නොවන්නේ නම් ඉන් ඉවත් වන බව විපක්ෂ නායකවරයා පැවසිය.


