ජනමාධ්‍යයන් වෙත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛය අහෝසි නොකරන්නේ නම් වැඩ වර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා.
ඒ අනුව අදාළ චක්‍රලේඛය වහා හකුලාගන්නා ලෙස බල කරමින්, මර්දනයට එරෙහිව සහ රෝගීන්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් ඊයේ (25) සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙත්සමක් භාරදී තිබුණා.
ජනමාධ්‍යයන් වෙත ප්‍රකාශ නිකුත් කිරීම සීමා කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මෙම චක්‍රලේඛය පසුගියදා නිකුත් කර තිබුණා.


