සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 26 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ජාතික සංහිඳියා වැඩපිළිවෙළ පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම මෙම සර්ව පාක්ෂික සමුළුවේ අරමුණ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නායකයන්ට ආරාධනා කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


