පලාත් පාලන නිල කාලය දීර්ඝ කිරීමට අදාළව ජයන්ත කැටගොඩ ඉදිරිපත් කළ මන්ත්‍රී පනත් කෙටුම්පත ගැන ආණ්ඩුවේ මතය කුමක් වෙයිද?

දැනට ක්‍රියාත්මක නොවන පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කිරීමට ක්‍රියාකිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත බලාත්මක කිරීමේ අපේක්ෂාවන් ආණ්ඩුව අත්හැර නැතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී කැටගොඩ විසින් කාලය අවසන්වී ඇති පළාත් පාලන ආයතනවල ධූර කාලය දීර්ඝ කිරීමට හැකිවන පරිදි විෂය භාර අමාත්‍යවරයාට බලතල ලබාදෙන ලෙස ඉල්ලා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත්, පනත් කෙටුම්පත නීතියක් බවට පත් කිරීම සඳහා තුනෙන් දෙකක බහුතර ඡන්දයක් මෙන්ම ජනමත විචාරණයක් ද අවශ්‍ය බව නීතිපතිවරයා පාර්ලිමේන්තුවට දන්වා ඇති බැවින් එය බලාත්මක කිරීමේ ක්‍රියාවලිය අතරමග නැවතී ඇත.

මේ අතර පසුගිය සතියේ අගමැති දිනේෂ් ගුණවර්ධන විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ නිල කාලය දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

ජූලි 19 දිනැති ගැසට් පත්‍රයට අනුව මෙම පළාත් පාලන ආයතනයේ නිල කාලය 2024 නොවැම්බර් 04 දක්වා දීර්ඝ කර ඇත.

අගමැති ගුණවර්ධන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයා වශයෙන් මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කළේය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ ධූර කාලය 2019 නොවැම්බර් 05 දින සිට ක්‍රියාත්මක වන පරිදි ආරම්භ විය.

ඒ අනුව එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු වසර 05ක කාලයක් බලය භුක්ති විඳිනු ඇත.

පළාත් පාලන ආයතනයක සාමාන්‍ය ධූර කාලය වන්නේ වසර 04කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *