ඉදිරියේදි පැවැත්වීමට නියමිත මැතිවරණ ජයග්‍රහණය කිරිමේ අරමුණින් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සාමාජිකයන් දශ ලක්ෂයක් බඳවා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව, සැප්තැම්බර් 1 වැනිදා සිට ඒ සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයකදී රනිල් වික්‍රමසිංහගෙන් වෙන්ව තම පක්ෂයෙන් ජනාධිපතිවරයකු පත්කර ගැනිම අරමුණු කරගනිමින් පොදු පෙරමුණ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.


