2023 උසස්පෙළ අපේක්ෂකයන්ට විශේෂ දැනුම්දීමක්!

2023 උසස් පෙළ විභාගයේ අයදුම් පත්‍ර කැඳවීම ලබන 28 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීම ආරම්භ කෙරුණේ පසුගිය 7 වනදායි.

තවද 2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසයේ දී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පිළිතුරු පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *