ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ ‘ලොවීනා’ ගීතය එළි දකියි…

ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න විසින් රචනා කරන ලද නවතම ගීතය එළිදැක්වීම පසුගියදා(14) ගල්කිස්ස හෝටලයේදී සිදු විය.


‘ලොවීනා ‘ නමින් අලුතින් එළිදක්වන ලද ගීතය ඓතිහාසික ගල්කිස්ස මහ හෝටලය හි නිර්මාණයට පසුබිම් වූ සත්‍ය කතාවක් ඇසුරින් රචනා කර ඇත.

ගීතය ගායනා කරනු ලබන්නේ චිත්‍රාල් සෝමපාල සහ කාංචනා අනුරාධී යන ජනප්‍රිය ගායක යුවලයි.

වෘත්තියෙන් හමුදා නිලධාරියෙකු වූ ජෙනරල් ගුණරත්න, ගී පදරචකයෙක්, කවියෙක් සහ ගත් කතුවරයෙක්ද වේ. ඔහු ගීත 25කට අධික ප්‍රමාණයක් රචනා කර ඇත. ඔහුගේ ගීත සඳහා තේමා ප්‍රධාන වශයෙන් දේශප්‍රේමය මෙන්ම ආදරය සහ සෙනෙහස ඇතුළත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *