‘අස්වැසුම’ වැඩසටහනට මෙවර රුපියල් මිලියන 206ක්!

සුබසාධක ප්‍රතිලාභ වෙනුවෙන් ඉකුත් වසරේදී රජය වැයකළ මුදල රුපියල් බිලියන 144ක් වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ ආරම්භ කරන ලද “අස්වැසුම” වැඩසටහන සඳහා මෙවර රුපියල් බිලියන 206ක පමණ මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

මෙරට දිළිදු ජනතාව නඟා සිටුවීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමඟ සිදු කළ සාකච්ඡාවලදි යෙදවීමට යෝජනා වූයේ රුපියල් බිලියන 187ක මුදලක් වුවත් රජය එම ප්‍රමාණය ඉක්මවා යමින් පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 62කට වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

පූර්ණ විනිවිද භාවයකින් යුක්තව වඩාත් සුදුසුම පාර්ශ්වයන් වෙත අස්වැසුම සමාජ සුබසාධක වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *