2022 උසස්පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ අදින් ඇරඹේ…

2022 උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද (12) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දිවයින පුරා මධ්‍යස්ථාන 42 කදී ලබන 21 වනදා දක්වා අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවයි එහි නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් කළේ.

මේ සඳහා අපේක්ෂකයින් 20,084ක් සහභාගි වීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *