ලබන 21 වනදා ජනපති ඉන්දීය නිල සංචාරයකට සූදානම් වෙයි!

දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජුලි 21 වනදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරයා එහිදි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවයි ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තා කරන්නේ.

ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ සංචාරයේ නිරතවන පළමු අවස්ථාව මෙය වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *