“පළාත් පාලන ආයතන යළි කැඳවීමේන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙලා” පැෆරල් සංවිධානය කියයි

පළාත් පාලන ආයතන යළි කැඳවීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කෙටුම්පතට එරෙහිව අද (10) දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන බව පැෆරල් සංවිධානය පවසනවා.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත මගින් පැහැදිළිව ආණඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව පෙනී යන බවයි එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

මෙය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් වුවද මෙය ආණ්ඩුවේ ආශිර්වාදය සහිතව සිදුකරන බවට පෙනී යන බවත් පළාත් පාලන මැතිවරණය තවදුරටත් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ආණ්ඩුව ගනිමින් සිටින බවයි රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *