මරුටි සුසුකි වෙතින් නව සුඛෝපොභෝගී මෝටර් රථයක්!

ඉන්දියාවේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන මරුටි සුසුකි(Maruti Suzuki) සමාගම සිය නව ආසන හතක් සහිත සුඛෝපභෝගී මෝටර් රථය සමග වෙළඳපොල ආක්‍රමණය කිරීමට සුදානම් වෙයි.

දිනෙන් දින වැඩිවන ගැනුම්කරුවන් වෙනුවන් මෙම විශාල, විශේෂාංග සහිත මෝටර් රථය නිෂ්පාදනය කෙරුණු බව සමාගම ප්‍රකාශ කරයි.

රුපියල් මිලියනයකට (ඩොලර් 12,000) අඩු මිලක් ඇති කුඩා සහ සංයුක්ත මෝටර් රථ සඳහා ප්‍රසිද්ධ මරුටි සන්නාමය, රුපියල් මිලියන 2.5 (ඩොලර් 30,000) සිට මිලකර ඇති සිය දෙමුහුන් බලශක්තියක් සහිත මෙම ‘ඉන්වික්ටෝ සෙවන්’ (Invicto seven) රථය එළිදැක්වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *