ආයුරුවේද ක්ෂේත්‍රයට අදාළව කංසා වගා කිරීමට නව පනත් කෙටුම්පතෙන් අවසර….

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව පනත් කෙටුම්පත ඔස්සේ ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළව රට තුළ කංසා වගාකිරීමේ බලය ලබාදීමට කටයුතු කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.

නීතිමය ප්‍රතිපාදන නොමැතිව කංසා වගාකළහොත් සිරගතවීමට සිදුවිය හැකි බවත් ඉදිරිපත් කරන නව පනත සම්මත වන දිනය අනුව මෙහි කාලාමුව තීරණය වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම පනත හරහා ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළව කංසා වගාකිරීමේ බලය ලැබෙන බවත් ආයුර්වේද කොමසාරිස් ඒ සඳහා වන රෙගුලාසි පැනවිය යුතු බවයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *