සුප්‍රකට පොප් ගායිකා කොකෝ ලී දිවි සැරිය නිම කරයි!

රසික හදවත් දිනූ සුප්‍රකට පොප් ගායිකා කොකෝ ලී අභාවප්‍රාප්ත වී තිබේ.

වසර කිහිපයක් පුරා මානසික අවපීඩන තත්ත්වයකින් පෙළුණු ඇය පසුගිය ඉරිදා සියදිවි හානිකරගැනීමට උත්සාහ කර තිබු අතර එහිදි ඇය කෝමා තත්ත්වයකට පත්ව රෝහල් ගත කෙරුණි.

පසුව ඊයේ (05) දිනයේ හොංකොංහි Queen Mary රෝහලේ දී අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

1975 වසරේ ජනවාරි 17 දින හොංකොංහි උපත ලද කොකෝ ලී මියයන විට 48 වන වියේ පසුවුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *