කංසා නියමු ව්‍යාපෘතියට අයෝජකයින් 11ක්….

කංසා නියමු ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට ආයෝජකයින් 11 දෙනෙකු ඉදිරිපත්වී සිටින බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

ඒ අනුව මේ තුළින් වසරකට ඩොලර් බිලියන 4 – 5 ත් අතර ප්‍රමාණයක ආදායමක් රටට ගෙන ඒමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ.

තමා සිටින තෙක් මෙම ව්‍යාපෘතිය අසාර්ථකවීමට ඉඩ ලබා නොදෙන බවත් මේ තුළින් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලබාගත හැකි බවද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *