සජබ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කරයි!

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට විරුද්ධව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගය පවසනවා.

ඒ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට විරුද්ධව කටයුතු කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කරන්නේ.

රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන් විසින් ඉතිරිකරන ලද මුදල්වලට ගැටලුවක් ඇති වන බැවින් මෙලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට විරුද්ධව ඡන්දය භාවිතා කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *