ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට පක්ෂයෙන් විශේෂ දැනුම්දීමක්!

හෙටින් (26) ආරම්භ වන සතියේ කොළඹ රැඳී සිටින්නැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය,ආණ්ඩුවේ සියලු මැති ඇමතිවරුන්ට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය ආණ්ඩුවේ සියලුම මැති ඇමැතිවරුන්ට වට්ස්අප් පණිවුඩයක් මාර්ගයෙන් මෙම දැනුම් දීම කර ඇතැයි දැනගන්නට ඇත.

එසේ වුවද ඒ කුමන කාරණයක් නිසා ද යන්න මැති ඇමතිවරුන්ට මෙතෙක් දැනුම් දී නැති බව ද දැනගන්නට ඇත.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට ගෙන එන බැවින්, ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට කොළඹ රැඳී සිටින ලෙස සහ පිටරට නොයන ලෙස දැනුම්දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා, ලබන සෙනසුරාදා (01) පාර්ලිමේන්තුව කැඳවීමට ද නියමිතව ඈතැයි එම ආරංචි මාර්ග වලින් පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *