අම්බලන්ගොඩ නගරයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
පොලිසිය සඳහන් කළේ, ඊයේ (ජූනි 24) ත්රිරෝද රථයක සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පළා ගොස් ඇති බව ය.
වෙඩි වැදීමෙන් අදාළ පුද්ගලයා එම ස්ථානයේදී ම මිය ගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 56ක් වූ රන්දොඹේ, අම්බලන්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇත බවට පොලිසිය සැක පළ කරයි.
පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


