විදුලිබල මණ්ඩලයේ ස්යලුම සේවකයින් අද (21) කොළඹට කැඳවා ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා.ඒ විදුලිබල මණ්ඩලය විකිණීමට විරෝධය පල කරමිනුයි.
ඒ අනුව හවල් 1.00 විහාර මහාදේවි උද්‍යානයේදී විශේෂ සමුළුවක් පවත්වා ඊට එරෙහිව ඉදිරියේදී ගනුලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණෙන බවයි එහි සභාපති රන්ජන් ජයලාල් සඳහන් කළේ.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කර පෞද්ගලික සමාගම් 15කට විකිණීමට ආණ්ඩුව සුදානම් කර ඇති බවත් ජාතික ආරක්ෂාව ගැන නොතකා විදේශ සමාගම් අතට පත්කිරීම බරපතළ තත්ත්වයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
අවශ්‍ය වුවහොත් අඛණ්ඩ වැඩවර්ජනයකට යෑම සඳහා වන යෝජනාවක් අද සමුළුවේදී සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවයි රන්ජන් ජයලාල් වැඩිදුරටත් සඳහන් කළා.


