දැරියට වූ කරදරය දැනගත් මව්පියෝ වස පානය කරයි

තම දහතුන් හැවිරිදි දියණිය අතවරයකට ලක්ව ඇති බවට සැල වීමත් සමග වැලිමඩ පොලිස් ස්ථානය තුළදී ම මවුපිය යුවළක් වස පානය කර අසාධ්‍ය තත්ත්වයෙන් වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

වැලිමඩ නගරයේ සවස් කාලයේ තනියෙන් මෙම දැරිය ගැවසී ඇති අතර මේ පිළිබඳව සැක සිතූ පොලිස් නිලධාරීන් ඇය වැලිමඩ පොලිසියට රැගෙන විත් තිබේ.

අනතුරුව දැරිය රෝහල්ගත කර ඇත.

පසුව බදුල්ල මහ රෝහල මගින් දැරියගේ වෛද්‍ය වාර්තාව පොලිසිය වෙත යොමු කර තිබේ.

පොලිසිය මගින් පසුව සිද්ධිය පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගැනීමට අදාළ දැරිය මෙන් ම පුහුල්පොළ ප්‍රදේශයේ පදිංචි හතළිස් දෙවැනි වියේ පසුවන දැරියගේ පියා හා තිස්අට වන වියේ පසුවන දැරියගේ මව වැලිමඩ පොලිසියට කැඳවා ඇත.

මෙහිදී සිය දියණිය අතවරයට ලක්ව ඇති බව මවුපියන් දැනගෙන තිබේ.

පොලිසිය දැරියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා අතරතුරදී අදාළ ස්ථානයෙන් ඉවතට පැමිණි මෙම යුවළ මෙසේ වස පානය කර තිබේ.

ඔවුන් වස බෝතල් ද පොලිසියට පැමිණීමේදී සඟවාගෙන රැගෙන ඇවිත් ඇතැයි සැක කරයි.

වස පානය කළ බව දැනගත් පොලිස් නිලධාරීන් ඉතා කඩිනමින් මෙම යුවළ රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

දැරිය අතවරයට පත් කිරීමට සැකපිට දැරියගේ ප්‍රකාශයක් අනුව, වැලිමඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මේ වන විට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය පිළිබඳව වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *