මහින්ද කහඳගම රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොම්පඤ්ඤවීදියෙහි පිහිටි මෙට්ට්‍රෝ හෝම් නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 70ක් ලබාගෙන වංචා කළ බව කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු මෙන් ම පිටකොටුව වෙළෙඳ සංගමයේ සභාපතිවරයෙකු වන මහින්ද කහඳගමගේ නමැත්තා මෙම 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (ජූනි 20) නියෝග කළේ ය.

මෙම සැකකරුගේ හිතවෙතකු බව කියන නුවර ප්‍රදේශයේ පදිංචි ජයන්ත මුනවීර නමැති අයෙකු පොලිස් වංචා විමර්ශන ඒකක අංක 7 වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

මෙම සැකකාර පුද්ගලයා ඉහත සඳහන් පැමිණිලිකරුට කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙට්ට්‍රෝ හෝම් නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබාදෙන බවට පොරොන්දුවක් ලබා දී ඇති බවද ඒ අනුව පැමිණිලිකරු මුදල්වලින් මෙන් ම චෙක් මගින්ද සැකකාර පුද්ගලයාගේ ගිණුමට මුදල් බැර කර ඇති බව ද පැමිණිල්ල මෙහෙයවූ පොලිස් වංචා විමර්ශන අංක 7 ඒකකයේ උපපොලිස් පරීක්ෂක දිසානායක හා පොලිස් කොස්තාපල් ඉහළගෙදර (69034) යන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *