අල්ලස් කොමිසම විමල් වීරවංශට එරෙහි නඩුවකට දිනයක් ඉල්ලයි

විමල් වීරවංශට එරෙහි නඩුවක් කැඳවීම සඳහා කඩිනම් දිනයක් ලබා දෙන ලෙස අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයෙන් ඉල්ලිමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ නඩුව ඊයේ (16) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ, මෙම නඩුව 2017 වසරේ ගොනු කර තිබුනද එහි විභාගය මේ දක්වා ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවයි.

ඒ අනුව මෙම නඩුව යළි ජුලි මස 17 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *