“ජන විරෝධය හමුවේ තනතුර හැර ගිය ගෝඨාභය රාජපක්ෂට වරප්‍රසාද හිමිද?”මුජුබර් රහුමාන් ලිපියකින් විමසයි…

හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජන විරෝධය හමුවේ තනතුර හැර ගිය පුද්ගලයකු හෙයින් ඔහුට විශ්‍රාමික ජනාධිපතිවරයකුට හිමි වරප්‍රසාද ලබා දී තිබේ දැයි විමසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ”දූෂණ විරෝධී බලවේගයේ” කැඳවුම්කරු මුජුබුර් රහුමාන් ජනාධිපති කාර්යාලයට ලිපියක් යොමුකර තිබේ.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ 3(1) වගන්තිය යටතේ මුජුබුර් රහුමාන් තොරතුරු ඉල්ලා සිටී.

ජනාධිපති තනතුර හැර යාමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ ට රජය මගින් නිල නිවසක් ලබා දී තිබේද?

එම නිල නිවස නඩත්තුව සඳහා මසකට රජය කොපමණ මුදලක් වැය කරනවා ද?

නිල නිවස ගෝඨාභය රාජපක්ෂ සඳහා වෙන් කිරීමෙන් පසු මේ දක්වා රජය මගින් වැය කර ඇති මුදල කොපමණද?

ගෝඨාභය රාජපක්ෂ ට සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට ලබාදී ඇති වාහන සංඛ්‍යාව ?

යන තොරතුරු ඔහු ලිපිය මඟින් විමසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *