අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විද්‍යා විෂයධාරාව ඇතුළු විෂයන් 40ක පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු හෙට (15) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනපුරා ඇඟයීම් මධ්‍යස්ථාන 39 කදී ඇඟයීම් මණ්ඩල 519කදී පිළිතුරු පත්‍ර ඇඟයීමේ කටයුතු සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව නගර 18ක් ක්‍රේන්ද්‍ර කරමින් එම ඇගයිම් කටයුතු ජූලි මස 04 වනදා දක්වා සිදු කිරීම සඳහා පාසල් අර්ධ වශයෙන් යොදා ගැනීමට සැලසුම් කර තිබෙන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.


