තවත් භාණ්ඩ වර්ග 286ක ආනයන සීමා ඉවතට…

ආනයන සීමා පනවා තිබූ තවත් භාණ්ඩ වර්ග 286ක ආනයන සීමා ඊයේ(09) රාත්‍රී සිට ඉවත් කළ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.

අද(10) පෙරවරුවේ රුව්නවැල්ල්දී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා පැවසූයේ 2022.04.16 දින භාණ්ඩ වර්ග 747 ක් , 2022.05.22 භාණ්ඩ වර්ග 1077 ක් සහ 2022.08.24 වන දින භාණ්ඩ වර්ග 1467 කට පැවති ආර්ථික අර්බුධය හමුවේ ආනයන සීමා පැනවීමට සිදු වූ බවයි.

ආර්ථික යම් ස්ථාවර තත්ත්වයකට පත්වීමත් සමඟ වරින්වර එම භාණ්ඩවලට පනවා තිබූ ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු කළ බවත්, ඒ අනුව ඊයේ රාත්‍රිවේ සිට තවත් භාණ්ඩ වර්ග 286 ක ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු තළ බවත් රාජ්‍ය ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.

ඒ අනුව ආනයන සීමා පැනවූ භාණ්ඩ වර්ග 928 ක් සඳහා පමණක් තව දුරටත් ආනයන සීමා පවතින බවත්, ඒ අතරින් 306 ක්ම වාහන බවත් හෙතෙම එහිදී වැඩිදුරටත් පෙන්වාදුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *