කුකුළු මස් සහ බිත්තර මිල අඩු කිරීම ගැන කෘෂිකර්ම ඇමතිගේ අවදානය…

අවශ්‍ය වුවහොත් ඉදිරියේදී නීතිරීති පනවමින් ගෝ ජනතාවට සාධාරණ මිලකට බිත්තර සහ කුකුළු මස් ලබා ගැනීමට අවශ්‍ය අවස්ථාව සලසන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

කුකුළු මස් හා බිත්තර කර්මාන්තකරුවන් සමග ඊයේ (ජූනි 9) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

එහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා.

“වෙළෙඳ අමාත්‍යංශය මගින් බිත්තර ආනයනයට තියෙන බාධා ඉවත් කරලා ඒවා සඳහා අවශ්‍ය කඩිනම් අනුමැතියන් ලබා දෙන්න කියලා නිලධාරීන්ට උපදෙස් දුන්නා. ඒ වගේ ම කුකුළු මස් මිල ඉහළ යාම පිළිබඳව අපි අවධානය යොමු කරලා ඒ සඳහා යම් මට්ටමකට මේක පාලනය කර ගන්න වැඩපිළිවෙළක් පිළිබඳව අද අදහස් අරගත්තා. අපිට අවශ්‍ය වුණොත් ඉදිරියේදී නීතිරීති පනවමින් හෝ ජනතාවට සාධාරණ මිලකට මේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න අපි ඉඩ දිය යුතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්න පාරිභෝගික අධිකාරිය ත් වෙළෙඳ අමාත්‍යංශය ත් ඒකාබද්ධව අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.”

කුකුළු මස් මිල ඉහළ යාමට හේතුව ද අමාත්‍යවරයා විසින් එහිදී පැහැදිලි කරනු ලැබී ය.

“මේ හදිසි මිල යාමට හේතුව අපිට පැහැදිලිව පේනවා මේ මාළු මිල ඉහළ යාම නිසා කුකුළු මස්වලට විශාල ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අනිසි ලාභයක් ලබා ගන්නා බව ත් අපිට පැහැදිලිව පේන්න තියෙනවා. එය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ඉදිරියේදී වෙළෙඳ අමාත්‍යංශය ත් සමග ඒකාබද්ධව ගන්න බලාපොරොත්තු වෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *