ඩයනාගේ මන්ත්‍රී ධූරය ගැන තීන්දුව ලබා දීම තවත් කල් යයි…

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි මස 25 වන දා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

ඊට අදාළ තීන්දුව ඊයේ (ජූනි 6) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබිණි.

එහෙත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල නිවේදනය කර ඇත්තේ, අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි මස 25 වනදා දක්වා කල් තබන බව ය.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් එම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

රාජ්‍යඅමාත්‍ය ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසු කමක් නොමැති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ඔහු එම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *