මානව හිමිකම් කොමිසමේ මහනුවර කාර්යාලය මුද්‍රා තබයි!

ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයට පොලීසිය විසින් මූද්‍රා තබා පොලිස් ආරක්ෂාව ද යොදා ඇත.

ඒ හේතුවෙන් විවිධ කටයුතු සඳහා එහි පැමිණෙන මහජනතාව අපහසුතාවයට ලක්ව තිබේ.

ඉකුත් 29 දා රාත්‍රියේ කොමිසමේ ලේකම්වරයා පොලිසිය ද සමඟ පැමිණ එම කාර්යාලයට කිසිවකුට ඇතුල් වීමට නොහැකි වන ලෙස මුද්‍රා තබා පොලිස් ආරක්ෂාව යොදා ඇත.

කාර්යාලයේ ප්‍රාදේශීය සම්බන්ධීකාරකවරයා ලෙස පසුගිය අප්‍රේල් දෙවැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි පත්කරන ලද නිලධාරියා එම කාර්යාලයේ ප්‍රාදේශීය සම්බන්ධීකාරකවරිය විසින් පිළි නොගැනීම හේතුවෙන් මෙහි අර්බුදකාරී තත්ත්වයක් පැන නැගී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *