රයිගම් වෙළද නාමය යටතේ නිෂ්පාදනය කරනු ලබන නිරෝගා සුව ධරණි ප්‍රතිශක්තිකරන වර්ධක ඖෂධ පානයේ ඇසුරුම් වල නිෂ්පාදන දින සහ කල් ඉකුත්වීමේ දින වෙනස් කොට නැවත අලෙවි කිරීම යොදාගත් බවට මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (31 ) දින එම සමාගම විසින් වරද පිළිගෙන තිබෙනවා.
දිවයිනේ ප්‍රසිද්ධ වෙළද නාමයක් වන රයිගම් වෙළද නාමය යටතේ නිෂ්පාදනය කරනු ලබන නිරෝගා සුව ධරණි ප්‍රතිශක්තිකරන වර්ධක ඖෂධ පානයේ ඇසුරුම් වල නිෂ්පාදන දින සහ කල් ඉකුත්වීමේ දින වෙනස් කොට නැවත අලෙවි කිරීම යොදාගත් බවට මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (31 ) දින එම සමාගම විසින් වරද පිළිගෙන තිබෙනවා.
මාතර ප්‍රදේශයේ පාරිභෝගිකයෙකු විසින් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ මාතර කාර්යාලය වෙත සිදු කොට ඇති පැමිණිල්ලකට අනුව අදාල වැටලීම සිදු කොට තිබිණි.
එ අනුව පසුගිය මැයි මස 24 වන දින කඹුරුපිටිය නගරයේ පිහිටි ඖෂධ අලෙවි සැලක් පරික්ෂා කිරීමේදී ඖෂධ ඇසුරුම් වල සදහන් කල් ඉකුත්වීමේ දින ඉක්මවා තිබූ හෙයින් එය වෙනස් කොට නැවත නිෂ්පාදන දින සහ කල් ඉකුත්වීමේ දින සඳහන් කර අලෙවි කිරීම සහ ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබේ.
ඒ අනුව වෙනස්කර තිබූ ඖෂධ ඇසුරුම් ප්‍රමාණයක් පාරිභෝගික අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
රයිගම් වෙළද නාමයට අයත් නිරෝගා යන වෙළද නාමය යටතේ ආයුර්වේද නිෂ්පාදන හා වෙළදපොලට බේදාහරින ආයතනයක් වන ඩ්‍රිම් ලයිෆ් සයන්ස් පුද්ගලික සමාගමට විරුද්ධව මාතර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිමට පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කලහ.
එ සම්බන්ධයෙන් අදාල නඩුව අද දින කැදවු අවස්ථාවේදි ඇසුරුම්වල නිෂ්පාදන දින සහ කල් ඉකුත්වීමේ දින වෙනස් කිරිම සම්බන්ධයෙන් වරද පිලිගත් එම ආයතනයට රුපියල් 20000ක දඩ මුදලක් නියම කොට මෙවැනි වැරදි ඉදිරියට සිදු නොකිරිමට වගබලා ගන්නා ලෙස තරයේ අවවාද කොට තිබේ.
මෙම දින වෙනස් කිරිමට ආදාලව ඖෂධ අලෙවි සැල කිසිදු ආකාරයෙන් සම්බන්ධ විමක් සිදු නොවුනු බවට අනාවරනය වන හෙයින් එම ඖෂධ අලෙවි සැලට විරුද්ධව නීතිමය පියවර නොගත් බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
කෙසේ නමුත් පාරිභෝගිකයෙකු විසින් එම ඖෂධ හලෙන් මිලදි ගත් ප්‍රතිශක්තිකරණ වර්ධක පානය අඩංගු අසුරුම් දෙකක , මිල සඳහන් ස්ථානයේ ස්ටිකරයක් අලවා තිබි ඇති අතර මිල ගණන් වෙනස් කොට ඇතැයි යන සැකය මත පාරිභෝගිකයා විසින් එම ස්ටිකරය ගලවා පරික්ෂා කොට බැලිමේදි කල් ඉකුත් වු ඖෂධ පැකට් වලට එලෙස නව නිෂ්පාදිත දිනයක් හා නව කල් ඉකුත්වන දිනයක් යොදා මිල ගණන්ද වෙනස් කොට ඇති බවට නිරික්ෂණය විමෙන් අනතුරුව ඒ පිලිබදව පැමිණිල්ලක් පාරිභෝගික සේවා අධිකාරියේ මාතර කාර්යාලයට සිදු කරනු ලැබ තිබුණු බවත් ඒ අනුව සිදු කල පරික්ෂාවේදි ඖෂධ අලෙවි සැල තුල එවැනි ආකාරයෙන් දින වෙනස් කොට තිබු ප්‍රතිශක්තිකරණ වර්ධක පානය අඩංගු ඇසුරුම් 20කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනිමට හැකි වු බවත් පාරිභෝගිකයාගෙ විමසිලිමත්භාවය නිසා මෙවැනි වැරදි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීමට හැකිවූ බවත් එ නිසා ආදාල ආයතනය වෙත නඩු පැවරිමට කටයුතු කල බව පාරිභෝගික සේවා අධිකාරියේ මාතර කාර්යාලය වැඩිදුරටත් කියා සිටි.


