සජබ රාජිතගෙන් සහ වඩිවෙල් සුරේෂ්ගෙන් නිදහසට කරුණු විමසයි

පක්ෂයේ තීරණයට විරුද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන ලෙස සමගි ජන බලවේගය විසින් රාජිත සේනාරත්න හා වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරුන් වෙත දැනුම්දීමක් කර තිබේ.



මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිව සිටි ජනක රත්නායක ඉවත් කිරීමට අදාළ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ආණ්ඩුවේ යෝජනාවට සහය පළකිරීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් නිදහසට කරුණු විමසා ලිඛිත දැනුම්දීමක් කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසිය.

පක්ෂයේ තීරණයට විරුද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් සතියක් ඇතුළත නිදහසට කරුණු දක්වන ලෙස අදාළ ලිපිය මගින් දැනුම් දී තිබේ.

අදාළ ඡන්ද විමසීම සිදුවන දින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පාර්ලිමේන්තුවට නොපැමිණි අතර වඩිවෙල් සුරේෂ් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

එහෙත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසන්නේ, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමට අදාළ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී එම යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට තම පක්ෂය තීරණය කර තිබු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *