මෙවරත් IPL ජය චෙන්නායි සුපර් කිංග්ස් අතට…

අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රිඩාංගණයේ ඊයේ(29) ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග පැවති අවසන් මහා තරඟය ජය ගනිමින් චෙන්නායි සුපිර් කිංග්ස් කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් ශුරතාව මෙවර දිනාගත්තේය.

මහේන්ද්‍ර සිං දෝණිගේ නායකත්වය යටතේ චෙන්නායි කණ්ඩායම මෙලෙස ශුරතාව දිනාගනු ලැබුවේ 05 වන වරටයි.

පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ට ලකුණු 214ක් රැස්කර ගත්තේය.

එහිදී ෂායි සුදර්ශන් පන්දු 47 කදි ලකුණු 96ක් වාර්තා කළේය.

සුදර්ශන්ගේ කඩුල්ල දවාගනිමින් අවසන් මහ තරගයේ දී ටයිටන්ස් පිළ වෙනුවෙන් මතිෂ පතිරණ කඩුලු 02ක් බිද හෙළීය.

කෙසේ වෙතත් චෙන්නායි පිළේ ඉනිම ආරම්භ කර පන්දු 03ක් අවසානයේ ක්‍රිඩාංගණයට වර්ෂාව පතිත විය.

පසුව රාත්‍රී 11.35 ට පමණ යහපත් කාලගුණික තත්ත්වයක් ක්‍රීඩාංගනය අවට දක්නට ලැබුන බැවින් පන්දුවාර 15කට චෙන්නායි ඉනිම සීමාකිරීමට විනිසුරුවෝ තීරණය කළහ.

එහිදි චෙන්නායි පිළට තරගය ජයගැනීමට ලකුණු 171ක ඉලක්කයක් හිමිවිය.

එම ඉලක්කය හඹාගිය චෙන්නායි පිළට 15 වන පන්දුවාරයේදි අවසන් පන්දුවේදි තරගය ජයගැනීම සදහා ලකුණු 4ක් අවශ්‍යව තිබිණි.

ගුජරාට් පිලේ සාර්ථකම පන්දුයවන්නාවු මෝහිත් ෂර්මා යොමුකළ අවසන් පන්දුවෙන් ලකුණු 04ක් ඩැහැගන්නට ජඩේජා සමත් වුණේ චෙන්නායි පිළට 2023 අයි.පි.එල්  කිරුල ලබාදෙමිනි.

ගුජරාට් කණ්ඩායම වෙනුවෙන් මෝ හිත් ෂර්මා කඩුලු 03ක් දවාගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *