කල්පිටියේ ජලාශ්‍රිත හෝටල් ඉඳි කිරීමට අනුමැතිය ලැබෙයි!

මෙරට වයඹ වෙරළ තීරයේ කල්පිටියට ඔබ්බෙන් වූ දූපත් 16 ක ජලාශ්‍රිත හෝටල්(water villas) ඉදිකිරීමේ යෝජනාවක් ශ්‍රී ලංකාවේ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් අනුමත කර ඇත.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මේ පිලිබඳ අදහස් දක්වමින් කියා සිටියේ,

“මේ ‘විලාස්’ සංවර්ධනය සඳහා අපට යෝජනා ලැබී තිබුණා. නමුත් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය නැති නිසා අපිට අනුමත කරන්න බැරි වුණා. අපි ඒක දැන් තහවුරු කරගෙන තියෙනවා” යනුවෙනි.

ඒ අනුව දූපත් 16 ක හෝටල් ඉදිකිරීමට සහ සංචාරක හා විවේක කටයුතු සඳහා තවත් ස්ථාන 15 ක් සංවර්ධනය කිරීමට ඉදිරිපත් කෙරුණු යෝජනාව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව අනුමත කර ඇත.

2021 දී Sun Resort Investment Lanka Pvt Ltd නම් සමාගම විසින් කල්පිටියේ දැනටමත් බදු දී ඇති දූපත් තුනක ජලාශ්‍රිත හෝටල් ඉදිකිරීමේ ලංසුව දිනාගෙන ඇත.

ජලාශ්‍රිත හෝටල් සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය දැනටමත් දූපත් 12ක් තෝරාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *