කොළඹ හිටපු නගරාධිපතිනී, රෝසි සේනානායක පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශිකාව ලෙස පත් කර ඇත.
ඇය 2001–2004 වර්ෂයේ මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර දරූ අතර 2009–2010 වසරේ බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක තනතුර ද හෙබ විය.
එමෙන්ම 2015 වසරේ දී ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කර ඇති ඇය අග්‍රාමාත්‍ය ප්‍රකාශක සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ලෙස ද කටයුතු කර තිබෙනවා.


